කොළඹ කොවිඩ් වැඩිපුරම හැදෙන්නේ කාටද? මෙන්න නවතම අනාවරණය(VIDEO)

COLOMBO RUVAN WIJEMUNI DR.DINUKA GURUGE ROSI SENANAYAKE BORDING
By Sewvandhi May 05, 2021 10:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ නගරයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගෙන් බොහෝ පිරිසක් කොළඹ නගරයේ සේවය කරන නමුත් නේවාසික පුද්ගලයින් නොවන බව කොළඹ ප්‍රාදේශීය වංසගත රෝග වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවාය.

 කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය, කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා සහ කොළඹ මහනගර සභාවේ ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය එම වැඩසටහන සඳහා සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කළේ මේ වනවිට කොළඹ නගරයෙන් රෝගින් වාර්තාවීමේ ප්‍රතිශතය 4%ක් බවය. ඔහු පැවසුවේ

"දෙවන රැල්ල ආපු වෙලාවේ, ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ මැද සමහර ප්‍රදේශවල ලැව් ගින්නක් වගේ පැතිරිලා ගියේ. එන්නත්කරණයට පින්සිදු වෙන්න ඒ තිබුණු සීඝ්‍ර ව්‍යාප්තිය කොළඹ නගරය තුළ අපි තාමත් දකින්නේ නෑ."

"කොළඹ නේවාසික නොවන නමුත් කොළඹ වැඩ කරන පුද්ගලයින්ගේ තමයි අපිට වැඩිපුරම ආසාදිත තත්ත්ව වාර්තා වුණේ. නමුත් එන්නත්කරණය සිදුකළේ කොළඹ නේවාසික ජනතාවට. කොළඹ නගරයේ යම් යම් ආයතනවල කුඩා පොකුරු දකින්නට ලැබුණේ ඒ නිසා."

යනුවෙන් වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවාය. කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය, "ඉතාමත්ම පාලනයකින් යුක්තව කටයුතු කරන නිසා තමයි කොළඹ නගරය අපිට ආරක්ෂා කරගන්න පුළුවන් වුණේ," යනුවෙන් සඳහන් කළාය. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now