වැඩිහිටි නිවාසයකිනුත් කොවිඩ් පොකුරක්

covid19 quarantine angoda elderly home siri parakum mavatha
By Sewvandhi May 31, 2021 12:02 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අංගොඩ සිරිපැරකුම් මාවතේ පවත්වාගෙන යන වැඩිහිටි නිවාසයක එක් පුද්ගලයෙක් කොරෝනා ආසාදනය වී මිය යාමෙන් අනතුරුව එහි සිටි සෙසු වැඩිහිටියන් පී.සී ආර්.පරීක්ෂණයකට යොමු කර තිබෙනවා.

ඒම පරීක්ෂණ මඟින් තහවුරු වී ඇත්තේ එම වැඩිහිටි නිවාසයේ සිටී සියලු දෙනාටම කොරෝනා ආසාදනය වී ඇති බවටයි. 29 දෙනෙකු මෙලෙස කොරෝනා රෝගීන් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් විවිධ ආබාධ වලින් පෙළිම හේතුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට රැගෙන යෑමේ අපහසුතාවක් මතුව ඇති බවටයි වාර්තා වන්නේ.

එම හේතුවෙන් ගොතටුව මහජන පරීක්ෂකවරුන් තීරණය කළේ ඔවුන් එම වැඩිහිටි නිවාසය තුළම රඳවා ප්‍රතිකාර ලබා දීමටයි.

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා චෝදනා කරන්නේ මෙම පුද්ගලයින්ට කොරෝනා ආසදනය වී ඇත්තේ වැඩිහිටි නිවාසයෙන් පිටතට යන පුද්ගලයේකුගේ අයහපත් සෞඛ්‍යය පිළිවෙත් නිසා බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now