එකම පවුලේ 6 දෙනෙකුට කොරෝනා
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ලක්ෂපාන - මොරහේනගම ප්‍රදේශයේ එකම පවුලේ 6 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
ආසාදිතයින් අතර අවුරුදු 2ක සහ 5ක කුඩා ළමයින් දෙදෙනෙකු ද සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
ස්වයං නිරෝධායනයට යොමු කර සිටි අවස්ථාවේදී සිදුකරන ලද කොරෝනා පරීක්ෂණයකදී ඔවුන් මෙලෙස කොරෝනා ආසාදිත බවට තහවුරු කරගෙන තිබෙනවා.
අද (20) උදෑසන වන විට මෙරටින් කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 3,623ක් හඳුනාගෙන තිබේ.
ඉන් පුද්ගලයින් 32ක් විදේශගතව සිට පැමිණි පුද්ගලයින් වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඉතිරි පුද්ගලයින් 3,591 දෙනා දේශීයව හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ ආසාදිතයින් 761ක් ලෙසය.
මීට අමරතව කළුතරින් 493ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 275ක් ලෙස ආසාදිතයින් වාර්තා වු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම නව ආසාදිතයින් ඊයේ වාර්තා වී තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |