දින 100ක් ගතවන විට කොවිඩ් ආසාදිතයින් මිලියනයක් මෙරටින්

covid19 travel restriction dr.hemantha herath dr.naween soisa colombo press meeting
By Sewvandhi May 18, 2021 10:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට කොවිඩ් රෝගීන් වාර්තා වීම සැළකීමේදී දින 100ක් ගතවන විට කොවිඩ් ආසාදිතයින් මිලියනය ඉක්මවා යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

නමුත් එක අයෙකුගෙන් රෝගීන් දෙදෙනෙකුට වඩා ව්‍යාප්ත වුවහොත් දින 100කටත් කලින් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා යා හැකි බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.එම නිසා ජනතාවට දැඩිව ප්‍රවේසම් වන ලෙස ඔහු දැනුම්දෙනවා.

මේ අතර ඉදිරි සති දෙක තීරණාත්මක බැවින් ජනතාව හැකිතාක් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ක්‍රියා කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිස මහතා කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now