ප්‍රදේශයක PCR පරීක්ෂණ 53ක් අතුරින් 46 කට කොරෝනා

covid19 infections pcr test positive wellavaya
By Sewvandhi Apr 26, 2021 02:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

  වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පසුගිය 24 වෙනිදා සිදු කල PCR පරීක්ෂණ වල ප්‍රතිඵල මේ වන විට ලැබී ඇති අතර එම ප්‍රතිඵල අනුව PCR පරීක්ෂණ 53කින්, හතලිස් හය දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බව අනාවරණය වී ඇත.

එලෙස ලැබුනු PCR 53ක් අතුරින් තවත් හය දෙනෙකුගේ වාර්තා නැවත පරික්ෂාවට ලක් කරමින් පවතින අතර ඒ අනුව එම පනස් තුනෙනි නිෂ්චිතව එක් අයෙකුට පමනක් කොවිඩ් ආසාදිත වී නොමැති බවට අනාවරණය වී ඇත.

මීට පෙර කොවිඩ් ආසාදිත වූ පුද්ගලයන් ගේ පලමු පෙල ආශ්‍රිතයින් ගේ පී.සී.ආර් පරීක්ෂණ මෙලෙස ලබාගෙන තිබූ බව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්.එච් පියසුමන සඳහන් කර සිටියා.

එදින PCR පරීක්ෂණ 107ක් සිදු කර ඇති අතර ඉන් පලමුව සිදු කල පී.සී.ආර් පරීක්ෂණ 53හි ප්‍රතිඵල මෙලෙස ලැබී ඇති අතර තවත් PCR පරීක්ෂණ 60 ක ප්‍රතිඵලය තවමත් ලැබී නොමැත.

මොනරාගල දිස්ත්‍රික්කයේ එක් කොට්ඨාශයකින් එකවර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ පලමු අවස්ථාව මෙය බවයි සෞඛ්‍ය අංශ සදහන් කලේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... https://www.google.com/url?q=https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi&sa=D&source=hangouts&ust=1619520992631000&usg=AFQjCNFEdqnIirjgsFkjp-SvwDUEK34VMA