ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

COLOMBO COVID19 UPDATES KURUNEGALA GAMPAHA THISSAMAHARAMA
By Sewvandhi Apr 24, 2021 10:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් -19 ආසාදිතයින් 969 දෙනෙකු ඊයේ (23) දිනයේ මෙරටින් හඳුනාගෙන තිබුණි.

ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 251 කි.

එම දිස්ත්‍රික්කයට අයත් කුලියාපිටිය, පන්නල, නිකදළුපොත, කුරුණෑගල, පොල්පිතිගම සහ අඹන්පොළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා විය. කුලියාපිටිය පොලිස් වසම, තිත්තවැල්ගාල ග්‍රාම සේවා වසම සහ නිරාවිය ග්‍රාම සේවා වසම මේ වනවිටත් හුදකලා කර තිබේ.

දෙවැනියට වැඩිම ආසාදිතයින් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 236කි.

ගම්පහ දිස්ත්‍රික්කයේත් දිවුලපිටිය, මැල්ලවගෙදර, අත්තනගල්ල, වත්තල සහ ජාඇළ යන ප්‍රදේශවලින් ඊයේ වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණි

ඉන් පසු වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ආසාදිතයින් 194 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබූ අතර පිළියන්දල, පන්නිපිටිය, මුල්ලේරියාව, පාදුක්ක සහ ගල්කිස්ස යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් හඳුනාගනු ලැබීය.

ඊයේ දිනයේ මෙරට තුළ සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 12,439 කි. මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂයේ සීමාවට ආසන්න වී තිබේ.

ඒ් අනුව මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 99,691කි. කොවිඩ් ආසාදිතව සිට පූර්ණ සුවය ලබා 94,036 දෙනෙකු රෝහල්වලින් පිටවගොස් ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 5,017 දෙනෙකු පමණකි.

අද දිනයේ තවත් කොවඩ් මරණ 04ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 638 දක්වා ඉහළගොස් ඇත.

මෙවැනි පසුබිමක තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනගේ මහතා ද ජනතාවගෙන් ඉල්ලා සිටියේ ප්‍රදේශයේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තිස්සමහාරාමයට පැමිණීමෙන් වළකින ලෙසය. ගෙවුණු දින දෙක තුළ තිස්සමහාරාම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 29 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb