රට තුලට විදේශිකයින්ගේ පැමිණීම සීමා කිරීමට යයි

Covid19 Patient Forines urop middle countries
By Sewvandhi Apr 17, 2021 10:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 මෙරටට පැමිණෙන විදේශිකයින් අතර කොවිඩ් - 19 රෝගීන් වාර්තාවීම ඉහළයාම හේතුවෙන්, මෙරටට පැමිණෙන විදේශිකයින් කළමණාකරණය කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

“2021 වසරේ දී මෙරටින් කොවිඩ් රෝගීන් 52,710 ක් වාර්තා වී තිබෙනවා. ඉන් 1593 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධානයනය වෙමින් සිටිය දී හදුනාගත් රෝගීන් වෙනවා. ඒ අනුව විදෙස් රටවල සිට පැමිණි අය අතර, රෝගීන් වැඩිවීමක් අපට දැකගත හැකි වෙනවා. උදාහරණයක් ලෙස අප්‍රේල් මාසයේ මේ වන විට අප රට තුලින් හමු වූ රෝගීන් 3480 දෙනාගෙන් 538 ක්ම විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයයි.

මැදපෙරදිග සහ යුරෝපයේ සිට පැමිණෙන අයත් මේ අතරට ඇතුලත් වෙනවා. මෙම තත්ත්වය තුල විදෙස් රටවල සිට පැමිණෙන අය අප රට තුල කළමණාකරණය කිරිම පිළිබද අපට නැවතත් සමාලෝචනය කිරීමට සිදුවී තිබෙනවා. ලෝකයේ රටවල්වල කොවිඩ් රෝගය රැළි වශයෙන් ව්‍යාප්ත විම නිසා රටවල් සංවරණ සීමා දැඩි කිරීමටත්, සමහර රටවල් ගුවන් ගමන් සම්පුර්ණයෙන් නවතා දැමීමටත් කටයුතු කර තිබෙනවා.

මෙවැනි තත්ත්වයක් තුල අප රට තුල යම් කිසි තත්ත්වයකින් සාධනීය තත්ත්වයක් අපි උදාකරගෙන කොවඩ්-19 රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා කටයුතු කරනවා. එම තත්ත්වය එම අයුරින්ම පවත්වාගෙන යාම සදහා වෛරසය සමාජය තුලට ඇතුලු වී ඇතිවිය හැකි හානිකාරි තත්ත්වය අවම කර ගැනීම සදහා අප රටට විදේශ රටවල සිට පැමිණෙන පිරිස් යමි කිසි විදියකින් සිමා කිරීමක්, පාලනය කිරිමක්, කිරිමට අපට සිදු වෙනවා.” විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.