කොවිඩ් පොකුරේ නම වෙනස් වේ

sri lanka infection covid 19 spreading awrudhu pokura
By Sewvandhi Apr 30, 2021 10:01 AM GMT
Report

අලුතින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් “අලුත් අවුරුදු කොවිඩ් පොකුර“ ලෙස නම් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව ඊයේ (29) දින සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කොවිඩ් ආසාදිතයින් පිළිබඳ තොරතුරු දැක්වීමේ දී එම නම ප්‍රථම වරට භාවිත කර තිබුණි.

මීට පෙර කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ දී දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර පොකුර යන විවිධ නම්වලින් හඳුන්වනු ලැබීය.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join NOw