කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක්
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට කොරෝනා පරීක්ෂණ කට්ටල ලක්ෂ 2ක් ප්‍රදානයක් ලෙස ලබාදී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.
මේ අතර, ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමෙන් ලොව කොරෝනා ආසාදිත සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ. ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1557 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිත සංඛ්‍යාව 272,467ක් දක්වා ඉහළ ගියා.
මේ අතර, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ පසුගිය සති කිහිපයකට පෙර තිබූ තත්ත්වයට වඩා සාධනීය තත්ත්වයක් මේ වනවිට මෙරට තුළ නිර්මාණය වෙමින් පවතින බවයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට සිදුකළ යෝජනාවකට අනුව පර්යේෂණයක් සඳහා කොරෝනා කට්ටල ලක්ෂ දෙකක් ලබාදී තිබෙනවා.
එමෙන්ම, කොරෝනා වසංගත සමයේ ගෘහාශ්‍රීත හදිසි අනතුරු මින් පෙර අවධිය සමඟ සසදන විට සියයට 50 සිට සියයට 75 කින් වැඩි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසනවා.
එමෙන්ම, රථ වාහන අනතුරු ද සියයට 9කින් අඩු වී ඇති බවයි ඔහු කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ. විවිධ අනතුරුවලට ලක්ව වාර්ෂිකව ලක්ෂ 12ක පමණ පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
එය 2025 වන විට ලක්ෂ 15ක් පමණ වනු ඇති බවයි ඔහු කියා සිටියේ. මේ අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ මලවිට ග්‍රාම නිලධාරි වසමේ ගෝලින්දවත්ත 03 කොටස අද උදෑසන 6 සිට හුදකලා කර තිබෙනවා.
ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව දහ අට කෝටි 68 ලක්ෂ 12,148 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමෙන් ලොව කොරෝනා ආසාදිත සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.
එම සංවිධානයේ දත්ත සටහනක දැක්වුණේ ජුනි 23 වන දා සිට ලොව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව යළි ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි. ජුනි 22 වන දා සිට ජුලි 6 වන දක්වා කාලය තුළ පමණක් ආසාදිතයන් ලක්ෂ 4 ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |