බරපතළ තත්ත්වයේ ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගිහින්
FRESS MEETING
COVID 19 INFECTIONS
NEW VARIETY
FIRST STAGE
ANANDHA WIJEWICKRAMA
By Sewvandhi
ආසාදිතයින් වාර්තාවීම ඉතා ඉක්මන් සිදුවල බවත් එය සීඝ්‍රයෙන් පැතිරෙන ප්‍රභේදයක් ද යන්න සැක සහිත බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
පවතින තත්ත්වය අනුව ඉදිරියේ දී අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි බව ද අද (13) පැවති, කොවිඩ් - 19 ව්‍යාප්තිය පිළිබඳ ඇනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ පැවසීය.
මෙරට පැවති පළමු සහ දෙවැනි කොවිඩ් රැළි අවස්ථාවලදී රෝග ලක්ෂණ නොමැති ආසාදිතයින් වාර්තා වුවද මේ වන විට වාර්තා වන්නේ රෝග ලක්ෂණ සහිත ආසාදිතයින් බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.
වාර්තමානයේ බරපතළ තත්ත්වයේ ආසාදිතයින් වාර්තා වීම ඉහළ බවත් ඒ අතර තරුණ පිරිස් ද සිටින බව ඔහු පැවසීය.