දිමුත් කරුණාරත්න 5000 සීමාව පසුකරයි
cricket
sri lanka
dimuth karunarathna
By Wasantha
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියේ ලකුණු 5000 සීමාව පසු කිරීමට සමත් වූවා.
මෙම කඩඉම පසුකළ 10 වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයා වන්නේ දිමුත් කරුණාරත්නයි. දැනට ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතරින් ටෙස්ට් ලකුණු 5000 සීමාව ඉක්මවා සිටින අනෙක් ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස්. දිමුත් කරුණාරත්න මේ දක්වා ටෙස්ට් තරඟ 71කට සහභාගී වී ඉනිම් 138ක් ක්‍රීඩා කර ශතක 11ක් එක් ද්විත්ව ශතකයක් ද සමඟින් (ලකුණු 247) මෙම කඩඉම පසුකළා.
ඔහු ක්‍රිකට් පිතිකරණ වාර්තා ඉදිරියේ සටහන් ව ඇති අර්ධ ශතක සංඛ්‍යාව 25ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... Join now |
