කොරෝනා බියෙන් ස්වයං වාරණයේ.. පාසල් වලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක්…

covid 19
By Wasantha Apr 27, 2021 08:09 AM GMT
Wasantha

Wasantha

Report

සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව (27) දින පාසල් ආරම්භ කලද වතුකරයේ සහ ප්‍රධාන නගරාසන්න පාසල් වලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක් දක්නට ඇති බව විදුහල්පතිවරුන් පැවසිය.

පාසලට පැමිණි ළමුන් සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව පාසලට ඇතුලත් කරගත් බවත්,පාසලේ සමස්ත සිසුන් පිරිසගෙන් 50% ක ධාරිතාවෙන් ළමුන් පාසලට ඇතුලත් කරගත් බවයි විදුහල්පතිවරුන් කියා සිටියේ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරියක් හමු වු හැටන් බොස්කෝ විදුහලේ 9 බි වසර තවදුරටත් වසා දමා ඇති බවත්, එම පාසලේ සිසුන් 31 දෙනෙකු සහ ගුරුවරුන් 03 ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවත්, හැටන් ශ්‍රි පාද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම පාසලේ 2 සහ 4 පන්ති තවදුරටත් වසා දමා එහි සිසු සිසුවියන් කිහිප දෙනෙකු සහ ගුරුවරුන් ස්වයං නිරෝධානයට යොමු කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.