ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

By Wasantha Apr 15, 2021 09:19 AM GMT
Report

කොවිඩ් -19 ආසාදිතයින් 117 දෙනෙකු ඊයේ (14) දිනයේ හඳුනාගෙන තිබේ. ඒ අතර විදේශයන්හි සිට පැමිණි 18 දෙනෙකු ද වේ. අනෙක් ආසාදිතයන් 99 දෙනා අතරින් යාපනය දිස්ත්‍රික්කයෙන් 26ක් කොළඹින් 19ක් නුවරඑළියෙන් 19ක් හඳුනාගෙන තිබුණි. සෙසු ප්‍රදේවලින් ආසාදිතයන් 33කු හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 95,737 දක්වා ඉහළගොස් ඇත. මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 92,151කි. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 2,982 කි. මෙරට තුළ ඊයේ දිනයේ සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 3,158කි.