කුඩා දරුවන්ට එන්නත් ? එලියට යන්න එපා... (VIDEO)

By Wasantha May 22, 2021 04:30 AM GMT
Report

තුන්වන කොවිඩ් රැල්ල දරුවන් අතරත් ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන බැවින් අවුරුදු ‍දොළහෙන් පහළ දරුවන්ට ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම ඉතා වැදගත් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

දරුවන් දහසකට වැඩි පිරිසකට මෙම රෝගය ආසාදනය වී ඇති බැව් වාර්තා වන බව ද ඉන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ දරුවන් 5 දෙනෙකු මියගොස් ඇති බව ද ඒ මහතා පැවසීය.

රිජ්වේ ළමා රෝහල තුළ ද මෙවැනි දරුවන් තුන්සියයක් පමණ ප්‍රතිකාර ලබා ඇති බව ද, එම දරුවන් අතරින් පිරිසක් කොළඹ අයි.ඩී.එච්. රෝහල ඇතුළු වෙනත් රෝහල් වෙත මාරුකර යවා ඇති බව ද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

ඉදිරියේදී මෙම තත්ත්වය වඩාත් දරුණු විය හැකි බැවින් දරුවන් නිවෙස්වලින් පිටතට නොයැවීමට මවුපියන් වගබලා ගත යුතු බව ද ඒ මහතා මේ පිළිබඳව කරුණු දක්වමින් වැඩිදුරටත් පැවසීය.