මෙරට ජනතාවට කොරෝනා ගැන සුබ ආරංචියක්.

Corona Covid vaccine Sputnik Synofram Astrosenika
By Aruna May 24, 2021 02:00 AM GMT
Aruna

Aruna

Report

ලබන ජූනි මස අවසානය වන විට කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරමින් රෝගීන් සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකි බවත් ලබන දෙසැම්බර් මාසය අවසන් වන විට අවශ්‍ය සියලුම කොවිඩ් එන්නත් ප්‍රමාණය ලබාදී මෙරට කොවිඩ් මර්දනය සාර්ථකව අවසන් කිරීමටත් අවශ්‍ය සියලු පසුබිම මේ වන විටත් සකස් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

රටේ වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව අපේ රටට අවශ්‍ය එන්නත් මාත්‍රා මිලියන 29ක් බව කියා සිටි ඒ මහතා ශ්‍රී ලංකාවේ අවුරුදු 20ට වැඩි අයට එන්නත් කිරීම සඳහා මේ වනවිට සයිනොෆාම් එන්නතේ මිලියන 14ක් ස්පුට්නික් එන්නතේ මිලියන 13ක් ෆයිසර් එන්නතේ මිලියන 5ක් ඇතුළුව මිලියන 32ක් ලංකාවට මේ වසර තුළ ගෙනඒම ස්ථිර කර ඇති බවත් මේ දෙසැම්බර් 31 වෙනිදා වීමට ප්‍රථම එන්නත් තොගය මෙරටට ගෙන්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

එම එන්නත් තොගය ගෙන්වුහොත් රටේ අවශ්‍යතාවට වඩා මිලියන 3ක් වැඩිපුර ගෙන්වා තිබෙන බව කියා සිටි ඒ මහතා මේ වනවිට මිලියන 1කට එන්නත් ලබා දී අවසන් බවත් කියා සිටියේය.

එන්නත් මිලියන 33.2ක් දෙන්න පුළුවන් තත්වයක් අපිට තිබෙනවා.

එන්නත් අවශ්‍ය අපිට මිලියන 29යි . ජුනි මාසෙ වනවිට සයිනොෆාම් එන්නතෙන් මිලියන 3ක ප්‍රමාණයක් ස්පුට්නික් එන්නතේ මිලියනයකට ආසන්න ප්‍රමාණයත් ලැබුණු පසුව අපි දන්නවා ජුනි මාසෙ අග විතර වෙනකොට අපිට ශ්‍රී ලංකාවෙ සෑහෙන ප්‍රමාණයකට මේ එන්නත ලබාදීමට හැකි බව.

ඒ අනුව රෝගය ව්‍යාප්ත වීම අපට ජුනි මාසෙ අග වෙනකොට අඩු කරගන්න පුළුවන්.

මේ අවුරුද්ද තුළදී සියලුම එන්නත් ලබාදීමට අවශ්‍ය පසුබිම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සකස් කර අවසන්.

ඒ කාලය දක්වා ක්‍රමානුකූලව ටික ටික තුනු වන මට්ටමේ තත්තවය පාලනය කර ගැනීමට හැකි වුවහොත් ඉදිරියේදී එන්නත් දෙන දෙන ප්‍රමාණය අනුව රට ටික ටික විවෘත කරන්න පුළුවන් යැයි කියා සිටි ඒ මහතා ජනාධිපතිතුමා ගෙන ගිය කාර්ය සාධක බළකායෙ බරපතළ කාර්යයේ අවසානය සාර්ථකව විසඳිය හැකි යැයිද කියා සිටියේය.

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මේ බව පැවසුවේ පෙරේදා (21) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බළකායේ රැස්වීම අමතමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now