කර්මාන්ත ශාලාවකින් කොරෝනා පොකුරක්..දෙදෙනෙක් බිම ඇද වැටී මරුට..

Covid Corona Gampola Keagalla district
By Aruna May 19, 2021 06:21 AM GMT
Aruna

Aruna

Report

ගම්පොළ ප්‍රදේශයේ ස්ථාන දෙකක දී බිම ඇද වැටීමෙන් හා පුද්ගලයන් දෙදෙනකු හදිසියේ මිය ගොස් ඇත.

ගම්පොල පොලිසිය පවසන්නේ එක් පුද්ගලයෙකු නුවර පාර කෝවිල අසලත් අනෙක් පුද්ගලයා රිවර්සයිඩ් ප්‍රදේශයේත් මෙසේ බිම ඇද වැටී මිය ගොස් ඇති බවයි.

මෙම මෘත දේහයන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත් එම පරීක්ෂණයෙන් පසු මරණයට හේතුව හෙළි වනු ඇති බවත් පොලිසිය කියා සිටියේය.

මේ අතර තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් -19 ආසාදිතයින් 400ක් හඳුනාගෙන තිබේ.

ආසාදිතයින් හඳුනාගැනීමත් සමග අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පවසයි.

එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 2000ක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එහිදී නව ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු දිස්ත්‍රික් ලේකම්වරයා, “ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කලමනාකාරීත්වයත් ඒ වගේම ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කරලා, අපේ ආණ්ඩුකාරවරයාගේ හා රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂට දැනුම්දීලා මේ වන විට එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට තීරණයක් ගත්තා.

“ එම ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් සෙවීම සඳහා ඔවුන්ගේ පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කර ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now