ලක්සල සභාපති කොරෝනා ආසාදිතව මරුට...වෛද්‍යවරු 08 කටත් කොරෝනා.
ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු ප්‍රතිකාර ලබමින් සිට ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේය.
මේ අතර ඊයේ (16) පෙරවරුව වනවිට වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.
සවස වන විට එම සංඛාව 29 දක්වා ඉහළගොස් තිබුණි. 17 වැනිදා පෙරවරුව වනවිට මාරවිල මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 31 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.
හඳුනාගෙන ඇති ආසාදිතයින් අතර වෛද්‍යවරුන් 08 දෙනෙකු ද වේ.
එම තත්ත්වය හේතුවෙන් මාරවිල මූලික රෝහලට රැගෙන එන හදිසි රෝගීන් සහ ගැබිණි මව්වරුන් හලාවත මහ රෝහලට මාරු කිරීමට කටයුතු කර ඇත.
මාරවිල මූලික රෝහලේ අනෙකුත් වාට්ටුවල දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ව පී.සී.ආර්.පරීක්ෂණයන් සදහා යොමුකිරීමටද කටයුතු කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
මේ අතර හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනයවීම හේතුවෙන් එම තැපැල් කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇත.
ඒ හේතුවෙන් තැපැල් කාර්යාලයේ සේවකයින් 17 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.
අදාළ කොවිඩ් ආසාදිත සේවකයින් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින්ට ද කොවිඩ් ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ. ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමුවද හැටන් නගරයේ පිහිටි තැපැල් පියස කාර්යාලය විෂබිජහරණය කිරීමෙන් අනතුරුව විවෘත කිරීමට නියමිතය.
ආශ්‍රිතයින් නොවන සේවකයින් යොදවා එහි කටයුතු සිදු කෙරෙනු ඇත.
මේ අතර පවතින අවදානම සලකා අද (17) දින ගෙවීමට නියමිත වැඩිහිටි දීමනාව අද දිනයේ නොගෙවන ලෙසට තැපැල් ස්ථානාධිපතිවරයාට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |