ඉතා වටිනා හෝරා කිහිපයක්..රට බරපතළ තත්ත්වයක...ඔබත් මේ දේවල් ඉක්මනින්ම කරන්න.

Covid Corona Sri lanka Hospital GMO
By Aruna May 09, 2021 08:44 AM GMT
Aruna

Aruna

Report

 කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නත්කරණය යළි යාවත්කාලීන වී තිබෙන අතර දැනට ලංකාවේ භාවිතා වන සියලු එන්නත් හොඳ මට්ටමේ ඒවා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.

අද (09) එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ හැකිතරම් කාර්ය මණ්ඩල යොදවා සියලුම ප්‍රදේශවලට එන්නත් ලබා දීම සිදුකළ යුතු බවය.

මෙවර වෛරස ප්‍රභේදය පැතිර යාමේ සීඝ්‍රතාවය වැඩි නිසා නිසි ලෙස මුව ආවරණය පැලඳිය යුතු බවත් යම් කෙනෙකුට බෝ වී ඇති විටෙක රෝග ලක්ෂණ මතුවීමට දින 05ක් පමණ ගත වන හෙයින් එම කාලය තුළත් රෝගය අන් අයට බෝ විය හැකි හෙයින් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, ''මෙම වෛරසය බරපතළ ලෙස පෙනහළුවලට හානි කරනවා. අනෙක් දේ තමයි නිව්මෝනියා තත්ත්වය.

සාමාන්‍ය නිව්මෝනියාවට වඩා මෙය බරපතළයි. රුධිරය කැටිගැසීමක් එක්ක මේ නිව්මෝනියා තත්ත්වය එන්න පුළුවන්.

එවිට වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීම හරිම අපහසුයි. ඔක්සිජන් අවශ්‍යතාව මෙන්ම දැඩි සත්කාර අවශ්‍යතාවය මතුවෙන්නේ එවිට.'' "මේ නිසා හැම පුරවැසියෙක්ම මේ තත්ත්වය තේරුම් ගන්න අවශ්‍යයි.

මෙය සුළුවට තකන්න එපා. මෙය පළමු රැල්ල නොවෙයි." දැනට තිබෙන තත්ත්වය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු සංගම් විසින් ඒකාබද්ධ ලිපියක් ජනාධිපතිවරයා වෙත භාරදුන් බව ද ඔහු පැවසීය.

"සංචරණ සීමා පැනවීමේ වැදගත්කම එහිදී පෙන්වාදී තිබෙනවා. එය ජනගනත්වය සහ විද්‍යාත්මක පදනමක් මත සිදුවිය යුතු ආකාරය අපි දැනුවත් කළා".

"රට බරපතළ තත්ත්වයක තියෙන්නේ. මෙය ඉතා වටිනා හෝරා කිහිපයක්. නිවැරදි තීරණ ගැනීම වැදගත්.

ජනතාව මේ ගැන දැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ.

ප්‍රතිශක්තිකරණය වැඩිකරගත හැකි ක්‍රියාකරකම් සහ ආහාර ලබාගන්න.''  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

https://chat.whatsapp.com/GFlBr3bpi3pL2kVVljbDxn