මෙරටින් හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයින් අද ..37 හැවිරිදි කතක් ඇතුළු 06 මරුට.

Covid Corona Corona death sri lanka
By Aruna Apr 29, 2021 04:45 PM GMT
Aruna

Aruna

Report

පළමු වරට දිනක් තුල මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1500 සීමාව ඉක්මවා වාර්තා වී තිබෙනවා.

අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,531ක්.

මෙරටින් පිට පිට තෙවන දිනයටත් ආසාදිතයින් දහස ඉක්මවා වාර්තා වුවා.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 106,484ක් වන අතර රෝහල් ගතව සිටින සංඛ්‍යාව 10,378ක්.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 95,445ක්.

මේ අතර තවත් කොරෝනා ආසාදිත මරණ හයක් වාර්තා වී ඇති බව රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

ඒ අනුව මෙරට සමස්ත covid ආසාදනය වීමෙන් මරණයට පත් වූවන්ගේ සංඛ්‍යාව 667 දක්වා ඉහළ ගොස් ඇත.

[IMG-20210429-WA0010.


Gallery