වහාම ක්‍රියාත්මක වන්න..කොරෝනා 03 වෙනි රැල්ලක්.. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
Covid
Corona
Curfew
Sri lanka
By Aruna
කොරෝනා තුන්වෙනි රැල්ලක් ඇති වීම වැළැක්වීම සඳහා මාසයක පමණ කාලයක් දැඩි නීතිරීති පනවන්නැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්ධනය පිළිබද ක‍්‍රියාකාරි කාර්ය සාධක සමාලෝචන කමිටුවේ දී වෛද්‍යවරුන් ඉල්ලා තිබේ.
විශේෂයෙන්ම ඉදිරි වෙසක් සමයේ දී සිදු කරන වෙසක් කලාප දන්සැල් ආදී ජනතාව ඒකරාශි වන කටයුතු වහා නතර කර දමන ලෙසත් විහාරස්ථානවලට පැමිණෙන ජනතාව සිමා කරන ලෙසත් වෛද්‍යවරුන් ඉල්ලා තිබේ.
පසුගිය අලුත් අවුරුදු සමයේ දී ජනතාව සංචරණ වැඩිවීම සහ ඒකරාශී වීම ඉහළ යාම හේතුවෙන් කොරෝනා රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවනතාවයක් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.