ප‍්‍රමිති ආයතන සභාපති ඉල්ලා අස්වෙයි.. පුද්ගලික සමාගමකට එක්වෙයි…

By Wasantha May 02, 2021 11:02 AM GMT
Report

තමන් ලංකා ප‍්‍රමිති ආයතනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි සභාපති නුෂාඞ් පෙරේරා මහතා පැවසිය. අදාල අස්වීමේ ලිපිය තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයාට අපේ‍්‍රල් 19 වැනිදා බාර දුන් බවත් පැවසූ ඔහු පසුගිය 30 වැනිදා තිබූ අවසන් අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමෙන් පසුව නිල වශයෙන් ඉවත් වූ බවත් ඔහු කීය.

තමන් මේ ගැන රජයේ ඉහල ප‍්‍රධානීන්ද දැනුවත් කල බවත් ඉදිරියේදී මෙරට ප‍්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමකට එක්වන බවත් ඔහු තව දුරටත් සදහන් කලේය.