රාජකාරියේ සිටි සිවිල් භටයා සිහිසුන්ව බිම ඇද වැටී මියයයි…
By Wasantha
සිවිල් ආරක්ෂක භටයකු රාජකාරියේ යෙදී සිටියදී හදිසියේ සිහිසුන්ව බිම ඇද වැටී මියගොස් තිබේ. අරලගංවිල පොලීසිය සඳහන් කරන්නේ පොලොන්නරුව කන්දේගම පිහිටි සිවිල් ආරක්ෂක බලකා අනුඛණ්ඩයට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී මෙම සෙබලා මියගොස් ඇති බවයි.
එහි අවිගබඩාව අසල රාජකාරියේ දී සිටියදී සෙබලා මෙසේ මියගොස් ඇත.
ඔහුගේ මෘත දේහය රෝහලට ගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.