ගම්පහ බරපතලයි.. රෝහල් ඉඩ නෑ..

By Wasantha Apr 29, 2021 09:24 AM GMT
Report

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා වසා දමා ඇති කම්හලක් අලුත්වැඩියා කරමින් තිබේ. එය කඩිනමින් අලුත් වැඩියා කර ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.

රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව සඳහන් කළාය. ගම්පහ දිස්ත‍්‍රික්කයේ මේ වන විට ඇතැම් රෝගීන් රෝහල්වල ඉඩ පහසුකම් සූදානම් වන තෙක් නිවෙස්වල රදවා ඇතැයිද වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join now