සති තුනක් රට වසා දමයිද? දමිල පුවත් පතක් වාර්තා කරයි...

covid covid 19
By Wasantha Apr 29, 2021 07:10 AM GMT
Wasantha

Wasantha

Report

පවතින කොවිඩ් 19 වාතාවරණය හමුවේ රටේ අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම අංශ සති තුනකට වැසීමට කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් තීරණය කර තිබෙන බව " වීරකේසරී" දමිල පුවත්පත වාර්තා පල කර තිබෙනවා.

ඒ අනුව ලමබ මැයි මස 1 වන දින සිට සති තුනක කාලයක් රට සම්පුර්ණයෙන් වැසීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ. මෙම කාලසීමාවේ දී අත්‍යවශ්‍ය සේවාවන් හැර අනෙකුත් සියලුම අංශ වැසිමටයි එම බලකාය විසින් නිදේශ ලබාදී ඇත්තේ.

අදාළ තීරණය රජය වෙත දෙනුම් දී ඇති අතර අවසන් තීරණය රජය විසින් ගනු ඇති බවයි " වීරකේසරී" දමිල පුවත්පත වාර්තා පල කර තිබෙන්නේ. රජයේ අනුමැතිය හිමි වූ වහාම අදාල කාරණාව සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී දී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද පවසා සිටියේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාරපාන අවශ්‍ය ප්‍රමාණයට එකරස් කර ගන්නා ලෙසයි.

යම් හේතුවක් මත කිසියම් ප්‍රදේශයක් හුදකලා කිරීමට සිදු වුවහොත් එම අවස්ථාවේදී සිදුවිය හැකි අපහසුතාවයන් මග හරවා ගැනීම සඳහා මෙලෙස පෙරසුදනමින් සිටින ලෙසයි හමුදාපතිවරයා දැනුම් දුන්නේ.