ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 895 හඳුනා ගෙන ඇත්තේ PCR පරීක්ෂණ 5,100කින්

By Wasantha Apr 25, 2021 05:53 AM GMT
Wasantha

Wasantha

Report

ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණ 5,159 කින් කොවිඩ් ආසාදිතයින් 895 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. සිදුකළ PCR පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමේ ප්‍රතිශතය සීයයට 17ක අගයක් ගනු ලබනවා.

එලෙස වාර්තා වූ ආසාදිතයින් අතුරින් 218 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ප්‍රදේශයෙන් ආසාදිතයින් 71ක්, තලංගම 30ක්, කොළඹ - කොටුව 19ක්, කොට්ටාව 18ක්, මොරටුව 11ක් ලෙස ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 150 දෙනෙකු වාර්තා වී ඇත. එම දිස්ත්‍රික්කයේ වැල්ලව ප්‍රදේශයෙන් 95ක් ද, කුලියාපිටියෙන් 20ක්, කුඹුක්ගැටේ 12ක් ලෙස වාර්තා වී ඇත. ඊයේ දිනයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 147 දෙනකු වාර්තා වී ඇත. බේරුවල ප්‍රදේශයෙන් 93ක්, කළුතර 32ක් සහ කළුතර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 10ක් වාර්තා වී ඇත.

මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 129 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් වැඩිම ආසාදිතයින් 48ක් දිවුල්පිටියෙන් සහ 17 දෙනෙකු රාගම ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර ඊයේ දිනයේදී පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49ක්, මහනුවර 18ක්, ගාල්ල 10ක්, යාපනය 20ක්, කෑගල්ල 14ක්, අනුරාධපුර 07ක්, ත්‍රිකුණාමලය 09ක්, මොණරාගල 18ක්, මාතර 01ක්, හම්බන්තොට 18ක්, පොළොන්නරුව 01ක්, මාතලේ 22ක්, අම්පාර 16ක්, බදුල්ල 11ක්, මුලතිව් 08, නුවරඑළිය 04, මන්නාරම 01, රත්නපුර 09 සහ විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.