සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව රටේ ආර්ථීක මධ්‍යස්ථාන පවත්වාගෙන යා යුතුයි....
රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සදහා විශාල මෙහෙයක් සිදුකරන දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන 16 ට පැමිණෙන වෙළෙදුන්ට හා පාරිභෝගික ජනතාවට කොවිඩ් ආසාදනය වී වෛරසයේ ව්‍යාප්තියක් ඇතිවුවහොත් එය බරපතල තත්ත්වයක් වන බැවින්, එසේ සිදු නොවී ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මාර්ගෝපදේශණ මාලාවක් සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය. නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
පවතින කොවිඩ් -19 වසංගතය පිළිබදවත්, රෝග ව්‍යාප්තිය හා එය වැළැක්වීමට ගත යුතු ක්‍රමවේදයන් පිළිබදවත් දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වල කළමනාකාරවරුන් දැනුවත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍ය නිතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (24) මෙම විශේෂ හමුවේ දී අමාත්‍යවරිය මේ බව සදහන් කරන ලදි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යතුමිය කියා සිටියේ "මෙරට ආර්ථික මධ්‍යස්ථාන සදහා දිවයිනේ බොහෝ තැන්වලින් විශාල ලෙස භාණ්ඩ රැගෙන එනවා මෙන්ම බොහෝ ස්ථාන වලට භාණ්ඩ පිට වෙනවා. එබැවින් මෙම ආර්ථික මධ්‍යස්ථාන තුලින් මුළු දිවයිනටම කොවිඩ් වෛරසය පැතිරීමේ අවධානමක් ද තිබෙනවා. එම කරුණු පිළිබදව රජය සහ සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමු කරමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව එම කටයුතු සිදු කිරීමට පියවර ගත යුතුව තිබෙනවා."
මෙහිදී පහත සදහන් මාර්ගෝපදේශණ මාළාව ක්‍රියාත්මක කරන ලෙසට හා අධීක්ෂණය කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය නිතිඥ, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වල කළමනාකාරවරුන්ගෙන් ඉල්ලා සිටියාය.
v සෑම ආර්ථික මධ්‍යස්ථානයකටම කොවිඩ් -19 මර්ධන කටයුතු සදහා එම මධ්‍යස්ථානයට ආවේනික සැලැස්මක් සකස් කිරීම. එම සැලසුම් ක්‍රියාත්මක වීම පිළිබදව සොයා බැලීමට ඒ් වෙනුවෙන්ම නිළධාරියෙකු පත් කිරීම. ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය නිරතුරුවම පිරිසිදුව පවත්වාගෙන යාම. ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ බුලත් කෑම / දුම් බීම / කෙළ ගැසීම නොකළ යුතු බව මධ්‍යස්ථාන පරිශ්‍රයට පැමිණෙන ජනතාව දැනුවත් කිරීම. පුද්ගල දුරස්ථභාවය පවත්වා ගෙන යාමට කටයුතු කිරීම. ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ කසළ නිසි ලෙස බැහැර කිරිම. ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයට පැමිනෙන්නන් අහඔු ලෙස PCR පරීක්ෂණ වලට යොමු කිරීම. ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයට පැමිණෙන්නන්ට දෑත් සේදීමට අවශ්‍ය පහසුකම් සැළසීම.
මෙම මාර්ගෝපදේශණ මාළාව ක්‍රියාත්මක කිරීම පිළිබදව දැනුවත් කිරීමක් සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික සෞඛ්‍ය සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය විසින් සිදු කළ අතර, මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, කෘෂිකර්ම අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ජේ.එම් ඩග්ලස්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාජ්‍ය ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, පරිසරික සෞඛ්‍ය වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා ඇතුලු නිලධාරී පිරිසක් සහභාගි වූහ.