කොරෝනා එන්නත ලබාදීම පුද්ගලික අංශයෙන් ඉල්ලයි..

Covid-19 Corona Vaccine
By Thaya Apr 04, 2021 03:48 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් එන්නත්කරණය සඳහා දැනීම පුද්ගලික රෝහල් වලටත් තිබෙන බවත් මෙම එන්නත්කරණ වැඩසටහන කාර්යක්ෂම කිරීම සඳහා එයට සම්බන්ධ වීමේ අවස්ථාව පුද්ගලික රෝහල් වලටත් ලබාදෙන ලෙසත් පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය රජයෙන් ඉල්ලා තිබේ. එම සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා සඳහන් කරන්නේ කොවිඩ් එන්නත්කරණය සඳහා අවස්ථාව පුද්ගලික රෝහල් වලටත් ලබාදෙන්නේ නම් මෙම වැඩසටහනේ කාර්යක්ෂමතාවය වැඩිකළ හැකි බවයි. මෙහිදී, කොවිඩ් එන්නත් රජය හරහා ගෙනවිත් හෝ සෘජුවම පුද්ගලික අංශය විසින් ගෙනවිත් ජනතාවට එන්නත්කරණය කළ හැකිබව ඔහු අන්තර්ජාල නාලිකාවක් සමග සම්බන්ධ වෙමින් අනාවරණය කර තිබේ.