ප‍්‍රධාන පාසැලක සිසුන් තිදෙනෙකුට කොරෝනා.

Covid-19 Education
By Thaya Feb 08, 2021 05:03 PM GMT
Thaya

Thaya

Report

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩ්ස් දමිල මහා විද්‍යාලයේ පාසල් සිසුන් තිදෙනෙකුට (07) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව සෞඛ්‍ය අංශ පැවසිය. එම විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදය වි තිබු බවත් , එම පාසලෙන් මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වු සිසු සිසුවියන්ගේ ආශ්‍රිතයන් හේතුවෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු සිසුන් තිදෙනා ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව එම සිසුන් තිදෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවයි සෞඛ්‍ය අංශ කියා සිටියේ. වෛරසය අසාදනය වු පාසල් සිසුන් වටවල සහ හැටන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, එම සිසුන් තිදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කල බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

ReeCha