පවිත්‍රාට කොරෝනා...බැසිල් කලබලවෙයි...රැස්වීමත් අතරමග නවතා දමයි.

Covid-19 Basil Rajapaksa Mrs Pavithradevi Wanniarachchi
By Thaya Jan 23, 2021 07:25 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනය සම්බන්ධයෙන් වගකිව යුතු සෞඛ්‍ය ඇමතිනිය කොරෝනා රෝගයට ගොදුරුවූ පුවත සිකුරාදා (22)සවස වාර්තාවිය.

කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද PCR පරීක්ෂණයක දී ඇය ආසාදිත බව තහවුරු වී ඇත.

මේ අතර පවිත්‍රාගේ සැමියා වන කාංචන ජයරත්න මහතාටද කොරෝනා ආසාදනයවී ඇත. මේ වනවිට දෙදෙනාම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කර ඇත.

මේ දිනවල බැසිල් රාජපක්ෂ මහතා දිස්ත්‍රික් රැස්වීම් පවත්වන අතර ඊයේ දිනයේදී පැවැති කළුතර රැස්වීමට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත්, රෝහිත අබේගුණවර්ධන මහතාත් සහභාගීව ඇති බව දැනගන්නට ඇත.

සිකුරාදා පැවැති රැස්වීම අවසානයේදී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියට කොරෝනා ආසාදනය වී ඇති බවට වූ පුවත සභාවේ සිටියදී වාර්තා වී ඇති අතර එහිදී කලබලයට පත් බැසිල් රාජපක්ෂ මහතා රැස්වීම අතරමග නවතා ඇති බවද වාර්තා විය.

විශාල ප්‍රචාරයක් ලබා දුන් ධම්මික පැණිය පළමුවෙන්ම ප්‍රසිද්ධියේ භාවිත කරනු ලැබු වන්නිආරච්චි මහත්මියට කොරෝනා ආසාදනයවීමද විශේෂත්වයකි.