ප්‍රධාන රෝහලක වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසකට කොරෝනා..බාහිර රෝගීන්ටත් වෛරසය යයි
Covid-19
Ratnapura
By Thaya
රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකදී මොවුන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
සීමාවාසික වෛද්‍යවරයෙකු, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු, උපස්ථායකයින් දෙදෙනෙකු මෙම ආසාදිතයින් අතර වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
මීට අමතරව රත්නපුර ශික්ෂණ රෝහලේ 24 වන වාට්ටුවේ රෝගීන් 9 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රෝහල් බලධාරියෙකු ප්‍රකාශ කළා.
මේ අතර අද (30) දිනයේදී ද තවත් වාට්ටු කිහිපයක ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බව සඳහන් වේ.