ආක්ෂේ කුමාර්ට කොරෝනා
Covid-19
Akshay Kumar
By Thaya
බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ආක්ෂේ කුමාර් සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වූ තමන් නිවස තුළ ස්වයං නිරෝධායනයේ පසුවන බවයි. තමන් සමඟ පසුගිය දිනවල සම්බන්ධ වූවන්ට කොරෝනා පරීක්ෂණ සඳහා යොමුවන ලෙසත්, ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසත් ට්වීටර් පණිවුඩයෙන් ඔහු වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.