සාදයක් පැවැත්වූ පිරිසකට කොරෝනා...බැංකු දෙකක සේවකයිනුත් ඒ අතර.

Covid-19 Police Corona Virus
By Thaya Jan 06, 2021 04:50 PM GMT
Report

පෞද්ගලික බැංකු දෙකක සේවය කරන එකම පවුලේ දෙදෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ අයෙකුට කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

කාන්තාවක් සහ ඇයගේ සැමියා එලෙස ත්‍රීකුණාමලයේ පෞද්ගලික බැංකු දෙකක සේවය කරන අතර කොවිඩ් ආසාදිත අනෙක් තැනැත්තා එම කාන්තාවගේ මවයි.

ඔවුන් කොවිඩ් ආසාදිත බවට තහවුරුවීමට පෙර ඉකුත් සති අන්තයේ කන්තලේ නරගයේ ඇති සිය නිවෙස වෙත පැමිණ සාදයක් ද පවත්වා ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව සිදු කෙරුණු කොවිඩ් පරීක්ෂණ අනුව එම පවුලේ තවත් 4 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස ඊයේ (04) හඳුනාගෙන ඇත.

මේ වනවිට ඔවුන්ගේ ආශ්‍රිතයින් 50කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.