ඇඹිළිපිටියේ කොරෝනා සිඝ‍්‍ර ව්‍යාප්තියක්.. අමතර පන්ති, දහම් පාසල් වසා දමයි..
ඇඹිලිපිටියේ කොරෝනා අවධානම සිග්‍රෙයන් වැඩිවීමත් සමග කොවිඩ් මර්ධන කමිටුව විසින් සති දෙකක් සදහා දහම්පාසල් සහ පුද්ගලික උපකාරක පන්ති හා ගෘහස්ත උත්සව සියල්ලක්ම නතර කිරීමට තීරණය කර ඇත. ඇඹිලිපිටිය හා ඒ අවට මේ දිනවල කොවිඩ් තත්වය පැතිරෙමින් පවතී. එබැවින් අද රැස්වූ කොවිඩ් කමිටුව විසින් එම තීරණය ගත් බව කොවිඩ් කමිටු සාමාජික ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ මහතා කීය.
මේ අනුව ගෘහස්ත උත්සව, දහම්පාසල්, පුද්ගලික පන්ති පැවැත්වීම සති දෙකක කාලයක් සදහා සම්පූර්ණ තහනම් කර ඇත.පෙර පාසල්ද මේ ගණයට ඇතුලත් කරන බව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා කීය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇඹිලිපිටිය නගර සභාව නියෝජනය කරන ලද මන්ත්‍රී රුවන් පතිරණ මහතා කියා සිටියේ, වෙනත් උත්සව ශාලාවල ගන්නා උත්සව සදහා ද පිරිස් සීමා කිරීමටත්, මලගෙවල් වල කෑම ලබාදීම තහනම් කරන බවත් එක් දිනකින් ඒවා භුමදානය කිරීම සදහා උපදෙස් ලබා දීමට සාකච්ඡා කල බවද කීය.