කොරෝනා රෝගියෙකු මාරු කලා කියා රෝහලට පහර දෙයි.. දේපලවලට දැඩි හානි…

Covid-19
By Thaya Mar 08, 2021 05:43 PM GMT
Thaya

Thaya

Report

නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන මස්කෙලිය ප්‍රාදේශිය රෝහලට (07) දින රාත්‍රියේ පැමිණි පිරිසක් රාජාකාරියේ යෙදි සිටි වෛද්‍යවරයෙකුට සහ කාර්ය මණ්ඩලයේ පිරිසකට බැන තර්ජනය කර රෝහලේ ප්‍රදර්ශනය කර තිබු කොවිඩ් 19 සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් දැන්විම් පුවර ඉරා දමා ඇති බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිනි එල්.එල්.ආර්.අයි දිලක්ෂි මහත්මිය පැවසිය. ශ්වසන ආබාධයක් සහිත රෝගියෙකු (07) දින රාත්‍රි 11 ට පමණ පිරිසක් රෝහල වෙත රැගෙන පැමිණි බවත්,පසුව එම රෝගියාව පරික්ෂා කර රෝගියාගේ රෝග ලක්ෂණ අනුව ක්ෂණිකව එම රෝගියාව දික්ඔය මුලික රෝහලට මාරු කර යැවු බවයි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරිය කියා සිටියේ.

රෝහල වෙත ඇතුලත් කල රෝගිය දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවිමට විරෝධය පාමින් රෝහල වෙත රෝගියා සමග පැමිණි 70 පමණ පිරිසක් වෛද්‍යවරයාට සහ කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කර වෛද්‍යවරයාගේ මොටර් රථයට සහ රෝහලේ ගිලන් රථයට පහර දි රෝහලේ ප්‍රදර්ශනය කර තිබු සෞඛ්‍ය ආරක්ෂිත දැන්විම් කිහිපයක්ද ඉරා ඇති බවයි දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිනිය කියා සිටියේ. දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවන ලද රෝගියා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බවත් , මිය ගිය රෝගියාගේ සිදු කරන ලද ඇන්ටිජන් පරික්ෂාවේදි එම රෝගියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවද දිස්ත්‍රික් වෛද්‍යවරිය පැවසිය.

මස්කෙලිය ප්‍රාදේශිය රෝහල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් ස්ථාපනය කිරිමට ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල රෝහල තුල සිදු කරන නිසා නේවාසික රෝගින් ඇතුලත් කර නොගන්නා බවත්, සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය වෙතපැමිණිල්ලක් කර ඇති බවයි මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිනි එල්.එල්.ආර්.අයි දිලක්ෂි මහත්මිය කියා සිටියේ. මේ සම්බන්ධයෙන් අප මධ්‍යම පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක නිහාල් විරසුරිය මහතාගෙන් කල විමසිමකදි ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත දැනුම් දුන් බවයි.