කොරෝනා මාරයා විසින් මෙරට පළමු වෛද්‍යවරයා බිළිගනියි...

Corona
By Thaya Feb 02, 2021 06:32 PM GMT
Report

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවූ රෝගී තත්ත්වය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන අද අළුයම අභාවප්‍රාප්ත වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරටදී වෛද්‍යවරයෙකු මියගිය පළමු අවස්ථාව මෙය බවයි සැලකෙන්නේ.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම වෛද්‍යවරයා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යවනු ලැබුවා. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

32 හැවිරිදි එම වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.