කොරෝනා පාලනය කරන්නේ කෘතිමව.. PCR 25% දක්වා අඩු කරලා යයි චෝදනා

Covid-19
By Thaya Mar 20, 2021 12:02 PM GMT
Report

මෙරට තුළ කොරෝනා වසංගතය පාලනය කර ඇතැයි පෙන්වන්නේ කෘතිමව බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. විද්‍යාත්මක සඳහා බැලීමේදී කොරෝනා රෝගීන් පැතිරීම මේ තරම් ඉක්මනින් පහළ නොයන බව සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය. අද වන විට මෙරට PCR පරීක්ෂණ ප්‍රමාණය 25%ක පමණ ප්‍රමාණයක් දක්වා අඩු කර ඇතැයි තොරතුරු ලැබී තිබෙන බවද පැවසූ ඔහු නිවැරදි තත්ත්වය සැඟවීමෙන් නිවැරදි තීරණ ගැනීමට නොහැකි බවද ඉන් රට බරපතළ අවධානයට පත්වන බවද කියා සිටී. මේ වන විට මෙරට කොරෝනා එන්නතක් සැලසුම ද අඩාල වී ඇතැයි ද ඔහු චෝදනා කරයි.