ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් කොරෝනා ආසාදිතයෙකු පළා යයි...අවධානයෙන් සිටින්න.

Corona
By Thaya Jan 20, 2021 07:34 PM GMT
Thaya

Thaya

Report

පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයෙකු පළාගොස් තිබෙනවා.

ඊයේ (19) රාත්‍රී 7.30ට පමණ එම ආසාදිතයා පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

මොහු 43 හැවිරිදි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“2021.01.13 වන දින පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා. එම පීසීආර් පරීක්ෂණයෙන් පසුව ඔහු කොවිඩ් රෝගියෙක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ අනුව 2021.01.17 වන දින ඔහු වාලච්චචේන පොලිස් වසමේ පුනානි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යවා තිබෙනවා. ඉන් පසුව ඊයේ රාත්‍රියේ 7.30ට පමණ මේ පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් ඇති බව වාර්තා වෙනවා. ඔහු කොළොන්නාව, මීතොටමුල්ල, විහාර මාවතේ බේකරියක සේවය කළ අයෙක්. ඔහුගේ ස්ථීර ලිපිනය අංක 649 / බී, ආදාගොඩ, ඇහැළියගොඩ බවට වාර්තා වෙනවා. මොහු 43 හැවිරිදි ෂෙල්ටන් ප්‍රේමරත්න නැමති අයෙකි. මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවෙක් බවට ද වාර්තා වෙනවා.

“ දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වීමෙන් පසුව කොවිඩ් රෝගීන් 14 දෙනෙක් පමණ මෙලෙස පැනගොස් ඇතැයි ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, එසේ පැනගොස් ඇති සියලුදෙනා මත්කුඩු හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් බවට වාර්තා වන බවත් පැවසීය.

ඡායාරූපයේ සඳහන් කොවිඩ් ආසාදිත පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වාලච්චේන පොලිස් ස්ථානාධිපති - දුරකථන අංක 071 859 11 38

හදිසි ඇමතුම් - 119