සූදු පොලකින් සහ උපන්දින සාදයකින් හමුවූ කොරෝනා ආසාදිතයෝ...
කෑගල්ල, වැලිමන්නාතොට, ඇටෝරුවාව, සමගිගම ප්‍රදේශයේ නිවසක සූදු ක්‍රීඩාවේ යෙදුණු පිරිසක් සහ එම නිවසේ පැවති උපන්දින සාදයක් ආශ්‍රිතව කොවිඩ්-19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.
ඒ අනුව, එම ප්‍රදේශයේ නිවාස 09ක අයත් පුද්ගලයින් නිරෝධායනයට යොමුකළ බවයි කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ.
මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් සමග ආණ්ඩුකාරවරයා ස්වයං නිරෝධායනයට යොමුව සිටී.
කොවිඩ්-19 ආසාදිත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව අතට හැරීම හේතුවෙන් ඒ මහතා ඊයේ (28) රාත්‍රියේ තෙල්දෙණිය රෝහලේ සිට යළි නිවස වෙත පැමිණ තිබේ.
මේ අතර ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇතැයි ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ සඳහන් කළේය.