කොරෝනා මරණ සගවනවා.. සංඛ්‍යාලේඛණ වැරදියි..- දැඩි චෝදනාවක්

Covid-19
By Thaya Feb 23, 2021 05:14 PM GMT
Thaya

Thaya

Report

රසායනාගාරවල දී ආසාදිතයන් ලෙස හඳුනාගන්නා කොරෝනා ආසාදිතයන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන සංඛ්‍යා ලේඛන අතර විශාල වෙනසක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ආසාදිතයන් 5000 ක පමණ වෙනසක් එහි ඇතැයිද පවසන සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඒ සම්බන්ධයෙන් මෙතෙක් බලධාරීන් පැහැදිලි කර නැතැයිද පැවසීය. පම් මට්ටමේ සිදුවන කොරෝණා මරණවලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් සංඛ්‍යාලේඛණ ලෙස ප්‍රසිද්දියට පත් වන්නේ නැතැයි ද ඔහු කියා සිටියේය. මේ හේතුවෙන් සමාජය සහ සෞඛ්‍ය වෘත්තිකයන් අතර බරපතළ ගැටුම්කාරී තත්වයක් මතුව ඇතැයි ද ඔහු චෝදනා කළේය. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.