තවත් කර්මාන්තශාලාවකින් කොරෝනා පොකුරක්!!!. අධිකරණයටත් කොරෝනා යයි.

Covid Corona Kaluthara Yatiyanthota Pelmadulla
By Aruna May 07, 2021 08:33 AM GMT
Aruna

Aruna

Report

යටියන්තොට තුන්කිඳ ප්‍රදේශයේ පවත්වාගෙන යන ලෑලි කර්මාන්තශාලාවක් යටියන්තොට මහජන සෞඛ්‍ය නිලධාරින් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ, ඉන් ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමගය. ඒ අනුව එම කර්මාන්තශාලාවේ තවත් සේවකයින් 60 දෙ‍නෙකු එහිදීම නිරෝධයනයට යොමු කෙරුණි.

කළුතර දිස්ත්‍රික්කයට අයත් බෝඹුවල ග්‍රාම නිලධාරී කොට්ඨාසය පසුගිය 4 වැනිදා උදෑසන සිට හුදකලා කළ බව ප්‍රකාශ කෙරුණත් එය ඊයේ (06) වනවිටත් ක්‍රියාත්මක කෙරුණේ නැහැ.

කෙසේ වෙතත් එම ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට පොලිස් නිලධාරීන් යොදවා තිබුණු ආකාරය දක්නට ලැබුණි.

නමුත් එම ප්‍රදේශයේ ජනතාව සිය දෛනික කටයුතුවල නිරතවෙමින් සිටි ආකාරය ද දැකගත හැකිවිය.

මේ අතර පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරියකටත් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. මේ හේතුවෙන් විවෘත අධිකරණයේ සියලු නඩු විභාග තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණි.

එමෙන්ම වාද්දුව මැලැගම ප්‍රදේශයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඊයේ රාත්‍රියේ සූදූ ක්‍රීඩාවේ නිරත වූ පුද්ගලයින් 07 දෙනෙකු වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් සතුව තිබී රුපියල් 20,000 ක මුදලක්ද පොලිස් භාරයට ගැනුණි.

අද ඔවුන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.