ධම්මික පැණිය හරි මාත‍්‍රාවෙන් බිවු තිදෙනෙකුට කොරෝනා.

Corona Dhammika Honey
By Thaya Jan 09, 2021 05:50 PM GMT
Report

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා නාශක ඖෂධය පානය කල තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ එම ඖෂධයෙන් නිවැරදි මාත්‍රාවෙන් පානය කර එකම පවුලේ තිදෙනෙකුටයි.

කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සීමාවේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් එකොළොස් දෙනාගෙන් මෙම තිදෙනා වාර්තා වී ඇත්තේ මාකුර, මගුරුදෙණිය ප්‍රදේශයෙනි.