තරබාරු අයට කොරෝනා වලින් රතු එළියක්.

Covid Corona Sri lanka
By Aruna Apr 22, 2021 08:13 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් – 19 වයිරසය වැළඳුණු තරබාරු පුද්ගලයන්ට දරුණු ආසාදන තත්ත්වයන් ඇතිවන බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

‘ඩයබෙටිස් කෙයාර්’ (Diabetes Care) සඟරාවේ පළකර ඇති නවතම අධ්‍යයන වාර්තාවක් ඔස්සේ මේ බව අනාවරණය කරනවා.

තරබාරු පුද්ගලයන්ට කොවිඩ් වයිරසය හේතුවෙන් දරුණු ආසාදන තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වුවත් මරණයට පත්වීමේ වැඩි අවදානමක් නොමැති බව එම වාර්තාවේ සඳහන්.

මෙලෙස දරුණු ආසාදනයන්ට හේතුව වන්නේ තරබාරු පුද්ගලයන්ට සාමාන්‍ය රෝගීන්ට වඩා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය වීමත්, එවැනි රෝගීන් සෑමවිටම කඩිනමින් රෝහල් ගත කර කෘත්‍රිමව ඔක්සිජන් ලබාදීමේ පහසුකමක් නොමැති වීමයි.

කොවිඩ් – 19 ආසාදනය වූ තරබාරු පුද්ගලයන්ට සාමාන්‍ය රෝගීන්ට වඩා 73% ක් වැඩි ප්‍රතිශතයකින් යාන්ත්‍රික ඔක්සිජන් ආධාරය අවශ්‍ය වනවා.

නෙදර්ලන්තයේ රැඩ්බවුඩ් විශ්වවිද්‍යාලය (Radboud) මූලික කරගෙන රටවල් 11 කදී සිදුකළ පර්යේෂණයන්ගේ ප්‍රතිඵල ඇතුළත් කරමින් මෙම අධ්‍යයන වාර්තාව එළිදක්වා තිබෙනවා.

අදාළ රටවල රෝහල් 18 ක රෝගීන් 7,000 කට අධික සංඛ්‍යාවක් මෙම පර්යේෂණයට සහභාගි වී තිබෙනවා.