අහඹු පරීක්‍ෂණ 75 කට කොරෝනා..
අලුත්ගම, පයාගල ,බේරුවල,පොලිස් වසම් තුනෙහිගත වූ දින විසි හතරක් තුළ පුද්ගලයන්2703 දෙනකු වෙනුවෙන් ජනවරි (10 )දින වන විට සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලින් පුද්ගලයන් 75 දෙනෙකු කොවිඩ් 19 ආසාදිත බව තහවුරු කරගෙන ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතාඅද (11 )සඳහන් කරහ.
බස්නාහිර පළාත් මායිමේ අළුත්ගම පොලිස් වසම තුළ ගාලු පාර දී අවස්ථා 18 කදී ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට පුද්ගලයන් 1894දෙනෙක්ද ,ධර්ගා නගරයේදී 254, බේරුවල නගර සභාව සහ ධීවර වරාය පරිශ්‍ර තුළ දී 265 ,පයාගල පොලිස් වසමේ මග්ගොන අක්කර මලේ දී 290 ද වන ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සඳහා පුද්ගල 2703 දෙනෙකු පොලිස් සහ සෞඛ්‍ය අංශ මැදිහත් වීමෙන් සිදුකර තිබේ න බව කියයි .
දර්ගා නගරයේ දී 10 දින සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවෙන් පාදාගොඩ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ04 දෙනෙකුට සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් ඇතුළු 06දෙනෙක් කොරෝනා ආසාදිත බව එදිනම හඳුනාගත් බව අලුත්ගම පොලීසියේ කොවිඩ් පැතිරයාම වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන් සඳහන් කළහ