ගාමන්ට් දෙකක 136කට කොරෝනා.. 700ක් නිරෝධායනයේ..

Corona Quarantine
By Thaya Jan 22, 2021 07:17 PM GMT
Thaya

Thaya

Report

වතුපිටිවල හා මාතලේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකක සේවක සේවිකාවන් 136 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ හේතුවෙන් එම කම්හල් දෙකම ඊයේ දිනයේ වසා දැමීමට කටයුතු කර තිබේ.

එම කම්හල් දෙකේ සේවය කළ සේවක සේවිකාවන් 700කට ආසන්න පිරිසක් නිරෝධායන සඳහා යොමුකර ඇත.

ඊට අමතරව ආසාදිත පිරිසගේ නිවෙස්වල අයද නිරෝධායනයට යොමු කර සිටී.

ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ඇතුළත් කර තිබේ.