බස්නාහිරින් යන්න ගිය 103 කට කොරෝනා..අහඹු පරීක්ෂණ වල ප්‍රතිඵලයක්.
Covid-19
Western Province
By Thaya
21 වනදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් කොවිඩ් -19 ආසාදිතයින් 103 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව පුද්ගලයින් 10,926 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෝ පීසීආර් පරීක්ෂණ සිදුකර ඉහත ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
තෛපොන්ගල් දිනයට පෙර දින බස්නාහිර පිටවීමට ගිය පුද්ගලයින් 1,658 දෙනෙක් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකර එයින් පුද්ගලයින් 21 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක දී එම පරීක්ෂණ සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.