කොරෝනා සැකකටයුතු රෝගීන්ගේ වාට්ටුවේ සිටි කතක් පළායයි

Corona
By Thaya Jan 19, 2021 09:57 AM GMT
Report

වැල්ලවාය මූලික රෝහලේ කොරෝනා සැකකටයුතු රෝගීන් ඇතුළත් කිරීමේ වාට්ටුවේ සිටි කාන්තාවක් අද (18) උදෑසන එම වාට්ටුවෙන් පළාගොස් තිබේ.

අදාළ කාන්තාවට කොරෝනා ආසාදනය වී ඇතැයි ඇති වු සැකය මත රෝහලේ කොරෝනා සැකකටයුතු වාට්ටුව වෙත ඇතුළත් කර පී.සී.ආර් පරීක්ෂණ ලැබෙන තෙක් එහි රඳවා සිට ඇත.

එම වාර්තා අද දින ලැබීමට නියමිතව තිබී ඇති අතර එම ප්‍රතිඵල ලැබීමට පෙර අදාළ කාන්තාව මෙලෙස පළාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

එම කාන්තාව රෝහලේ ඉදිපස ගේට්ටුවෙන් පැන ප්‍රධාන මාර්ගය වෙත ගොස් පසුව කෙල ගසමින් පාර පුරා දිව ගොස් තිබේ.

පසුව වහාම ක්‍රියාත්මක වූ රෝහල් සේවකයින් සහ ආරක්ෂක අංශ එම කාන්තාව අල්ලාගෙන රෝහලේ වාට්ටුව වෙත නැවත ඇතුළත් කර ඇත.

එම කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස 31 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයගේ පී.සී.ආර් ප්‍රතිඵලය ඉදිරියේ දී ලැබීමට නියමිතව ඇති බව වැල්ලවාය රෝහලේ ප්‍රකාශයක් පැවසීය.