ප්‍රධාන පාසලකින් කොරෝනා මතුවෙයි..එම පෙදෙසේ අවධානම් තත්ත්වයක්.

Corona
By Thaya Jan 16, 2021 06:32 PM GMT
Thaya

Thaya

Report

හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක 10 C වසරේ අධයාපනය ලබමින් සිටි පාසල් සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (15) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පවසනවා.

එම සිසුවාගේ පියා පෙර අසාදිතයා වන අතර , එම අසාදිතයා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට නිවසට පැමිණෙන අතරතුර ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොලේදි අහඹු ලෙස සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව ඔහුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විම නිසා එම අසාදිතයා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර හැටන් වටරවුම් පාරේ පදිංචි එම අසාදිතයාගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව එම සිසුවාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විය.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු සිසුවා මේ මස 07,08 පාසලට ගොස් ඇති නිසා එම පාසලේ 10 C වසරේ සිසු සිසුවියන් 45 දෙනෙකු සහ 10 B වසරේ සිසු සිසුවියන් 8 දෙනෙකු සහ අසාදිත සිසුවාගේ ළගම ආශ්‍රිත ගුරුවරුන් ස්වයං නිරෝධානයට යොමු කල බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

අසාදිත සිසුවා නිරෝධානය මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට නියමිතය.