කොවිඩ් මරණ වල වැඩි බලපෑම බෝ නොවන රෝගීන්ට

covid19 infections health ministry vindya kumarapeli mobile clinics
By Sewvandhi May 24, 2021 11:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් මරණ වල වැඩි ප්‍රතිශතය දීර්ඝකාලීන බෝ නොවන රෝගීන් සඳහා ද දැඩි බලපෑමක් ඇති කර ඇති බවත් එය මේ වන විට සියලු වයස් කාණ්ඩ දක්වා වර්ධනය වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි පවසනවා.

ඇය මෙම අදහස් පළකර සිටියේ අද සවස මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ තත්ත්වය වැඩි අවධානයට ලක් කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් බෝ නොවන රෝගීන් සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.

බෝ නොවන රෝගීන් සඳහා වෛද්‍ය සායන පැවැත්වීමේ ක්‍රමවේද මෙන්ම හුදෙකලා කර ඇති ප්‍රදේශ සදහා ජංගම සායන මගින් ප්‍රතිකාර සහ ඖෂධ ලබාදීමටත් ක්‍රමවේද සකස් කර තිබෙන බවයි ඇය පවසන්නේ.

මේ අනුව වෛද්‍ය නිර්දේශ මත එකවර මාස 2කට වැඩි කාලයක් සඳහා රෝගීන්ට ඖෂධ ලබා දෙනු ඇති.

එමෙන්ම නිවෙස් තුළ එක්තැන් වී සිටින රෝගීන් සඳහා සෞඛ්‍ය පහසුකම් නිවසට ගොස් ලබා දීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති අතර ඒ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කර ඇති බවයි බෝ නොවන රෝග අධ්‍යක්ෂවරිය කියා සිටියේ.

මීට අමතරව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ගේ රුධිර මට්ටම හා සීනි මට්ටම් පරික්ෂා කිරීමට ද රෝහල් තුළ වෙනම ස්ථානයක් වෙන් කර ඇති බවයි මෙහිදී පැහැදිලි කළේ.