කොරෝනා අඹුසැමි යුවලක් බිලිගනියි.. නිවසට ගිය පියා බාප්පා මරුට.
කොවිඩ් ආසාදනය වී අඹු-සැමි යුවලක් මියයෑමේ පුවතක් බගවන්තලාව සිරිපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.
කොවිඩ් වෛරසය අසාදනය වී බිරිඳ මියගොස් දින 3කට පසුව එනම්, ඊයේ (16) දින රාත්‍රියේ සැමියා ද මියගොස් ඇත.
තිදරු මවක් වූ එම කාන්තාව ඉකුත් 13වනදා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එදිනම ඇය මියගොස් තිබුණි.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ජේ. ගනේෂ් මහතා පැවසුවේ එසේ මියගොස් තිබුණේ 68 හැවිරිදි කාන්තාවක් බවය.
මියගිය කාන්තාව සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබී තිබුණේ ඊයේ දිනයේදීය. ඒ අනුව ඇය කොවිඩ් ආසාදිතව සිට ඇති බව අනාවරණය වී ඇත.
එදිනම රාත්‍රියේ ඇයගේ සැමියා වන 76 හැවිරිදි එස්. වඩිවේල් නැමති පුද්ගලයා ද මියගොස් තිබුණි. ඒ අනුව ඔහුගේ දේහය සම්බන්ධයෙන් ද මේ වනවිට PCR පරීක්ෂණයක් සිදුකර තිබේ.
මියගිය අඹු-සැමි යුවලගේ මෘත ශරීර දික්ඔය මුලික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.
එම පවුලේ සමාජිකයන් 06 දෙනෙකු ද මේ වනවිට ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.
මේ අතර PCR පරීක්ෂණයට පෙනී සිටීමෙන් පසු සිය දෙමව්පියන් බැලීම සඳහා නිවසට ගිය පුතෙකුගෙන් ඔහුගේ මුළු පවුලටම කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පියා සහ බාප්පා ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඔහුගේ මව සහ සහෝදරියන් දෙදෙනා ද වෛරසය ආසාදනය වීප්‍රතිකාර ලබමින් සිටි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |