සති දෙකක් තුල ලංකාවේ කොරෝනා මරණ සහ ආසාදිතයින් අනුපාතය දෙගුණයකින් ඉහලට

Covid-19
By Thaya Feb 11, 2021 02:32 PM GMT
Thaya

Thaya

Report

සති දෙකකට පෙර පැවති තත්වය හා සැසඳීමේදී මෙරට කොරෝනා මරණ සහ රෝගීන් වාර්තාවීමේ අනුපාතය දෙගුණයකින් ඉහල ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ් සංගමය පෙන්වා දෙනවා. සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ. සෞඛ්‍ය බළධාරීන් සැබෑ වගකීම් ඉටු නොකර ජනතාව ඉදිරියේ වරින් වර පරස්පර ප්‍රකාශ කිරීම කණගාටුදායක තත්වයක් බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නා